අද විවේක ගන්න, හෙට දිනන්න

  • Home
  • /
  • Sports
  • /
  • අද විවේක ගන්න, හෙට දිනන්න

ඉතාලි පිහිනුම් ක්‍රීඩක තෝමස් සෙකෝන් පැරිසියේ ඔලිම්පික් ගම්මානයෙන් පිටත නිදා සිටිනු දැකගත හැකි වූයේ මලල ක්‍රීඩකයින්ගේ නවාතැන් වල තත්වයන් පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුවය. මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්ත ද අපහසු ඇඳන්, වායු සමීකරණ නොමැතිකම සහ දුර්වල තත්ත්වයේ ආහාර පිළිබඳව සෙකෝන් තමන්ගේ කලකිරීම ප්‍රකාශ කළේය. ඔහු රස්නය හා ශබ්දය සමඟ පොරබදමින් ගමෙන් පිටත තණකොළ මත තාවකාලිකව නිදාගැනීමට ඔහු කටයුතු කලේය.උද්‍යාන බංකුවක් අසල නිදා සිටින සෙකෝන්ගේ ඡායාරූපයක් සෞදි අරාබියේ ඔරු පැදීමේ ක්‍රීඩක හුසේන් අලිරේසා විසින් Instagram හි share කර ඇති ඇත්තේ “අද විවේක ගන්න, හෙට දිනන්න” යන ශීර්ෂ පාඨය ද සමගිනි.මෙම තත්වයන් ඔහුට නිසි විවේකයක් ලබා ගැනීමට අපහසු වූ බව Ceccon සඳහන් කළේය.ඔලිම්පික් ගම්මානය පිළිබඳ මෙම තත්ත්වය පුළුල් ප්‍රශ්නයක් ඇතිකර ඇත.මේ තත්ත්වය නිසා සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවට හෝටල්වල නවාතැන් ගැනීමට ද කටයුතු කර ඇත.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025