ලෝකය පුරා සිටින ආදරවන්තයින් සහ ආදරවන්තියන්ගේ ආදරණීයම දවස අදට යෙදිලා තියනවා. ආදරවන්තින්ගේ දිනය ලෙස අද දිනය සමරුවත් බොහෝ දෙනෙක් නොදන්නා ඉතිහාස කතාවක් මේ දිනය පිටුපස සැගවී තියනවා. ඉතින් මේ ඉතිහාස කතාව ගැන කතා කරෝතින් 3 වන සියවසේ රෝමයේ ජීවත් වූ කතෝලික පූජකවරයකු වූ ශාන්ත වැලන්ටයින් විසින් තමයි මේ වැලන්ටයින් දිනය නම් කරලා තියෙන්නේ. අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ. කොහොම නමුත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ පෙම්වතියන් එක්ක රහසින්ම සරණ බන්දන්න කටයුතු සිදු කරලා තියනවා. නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව අවසානෙදි අධීරාජයගෙ කණට වැටිච්ච නිසා වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම වෙලා තියනව. එතුමාව මරණයට පත්කරපු පෙබරවාරි 14 වැනිදා තමයි මේ ලෝකය පුරාම අදරවන්තයින්ගේ දිනය ලෙස සමරන.
ඉතින් මේ ශාන්ත වැලන්ටයින්ලා කියලා කීප දෙනෙක්ම ඉඳලා තියනව. කලින් සඳහන් කළ කතාවේ නායකයා වෙච්ච වැලන්ටයින් ශාන්තුවරයා ගැනත් විවිධ මතවාද තියනවා. මේ පිළිබඳ සොයාගෙන යනකොට වැලන්ටයින් පූජකවරයා පෙම් යුවලවල් කසාද බැන්දුව කතාවත් ජනප්‍රවාදයක් මිසක් ඒ කතාව සම්පූර්ණයෙන් පිළිගන්න පුලුවන් සාක්ෂි හම්බවෙන්නෙ නෑ. ඒ වගේම තමයි වැලන්ටයින් ශාන්තුවරයා ජීවත්වෙච්ච ක්‍රි.ව 3 වැනි සියවස කාලෙ මේ නමින්ම ජීවත්වෙච්ච තවත් ශාන්ත වැලන්ටයින් පූජකවරයෙක් ගැන වාර්තා වෙනවා. ඉතාලියේ ටර්නි හි ජීවත් වෙච්ච බිෂොප් වරයෙක් තමයි ඒ දෙවැනි වැලන්ටයින් ලෙස හඳුන්වන්නේ. මේ දෙදෙනාම එකම සමයක ජීවත් වෙලා දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයාගෙන් දඬුවම් ලබපු දෙන්නෙක් කියලත් කියනවා. තවත් සමහරු කියනවා මේ දෙන්නම එක්කෙනෙක් කියලත් බොහෝ දෙනෙක් වැලන්ටයින් සුබපැතුම් බොහොමයක් යවද්දි “From your Valentine” වගේ තමන්ව හඳුන්වල දෙන එකට හේතු වෙලා තියෙන්නෙත් ශාන්ත වැලන්ටයින් පූජකතුමා තමයි. මෙතුමා මරණ දඬුමට කැප කරල සිරගතව ඉන්න කාලෙ තමන්ගෙ හිරගෙදර මුලාදෑනියගෙ දුව එක්ක ප්‍රේමයෙන් බැඳිල තියනවා. අන්ධ තරුණියක් වෙච්ච ඇයට ප්‍රාතිහාර්යක් මගින් පෙනීම ලබාදෙන්නත් වැලන්ටයින් පූජකතුමා කටයුතු කරල තියනව කියල පැරණි කතාවල සඳහන් වෙනවා. කොහොමින් හරි තමන්ව මරා දමන්නට කලින් දවසේදි වැලන්ටයින් ශාන්තුවරයා From your Valentine නමිත් අත්සන් කරපු ලියුමක් ඇය වෙත යවල තියනවා. මේ අනුව තමයි වැලන්ටයින් සුබ පැතුම් වලදි “වැලන්ටයින්” නමින් පෙම්වතුන් තමන්ව හඳුන්වලා දෙන්න පටන්ගෙන තියෙන්නෙ.
ආදරණියන්ගේ දිනයේ ආදරණීය පණිවුඩ යවන්න බොහෝ ආදරවන්තයින් සෙනෙහස ප්‍රකාශ කරමින් විශේෂ කාඩ්පත් යවන්න තරම් යොමුවෙලා ඉන්නවා. මෙම කාඩ්පත් යවන්නා බොහෝ විට තම අතින්ම නිර්මාණය කරමින් තමන් කොතෙක් තම ප්‍රේම වන්තියට, ප්‍රේම වන්තයාට ආදරේද යන්න පෙන්වන්න විවිධ දේවල් ඉතිහාසයේ සිටම සිදු කරගෙන එනවා. නමුත් අද වන කොට ආදරවන්තයින්ගේ දිනය වාණිජ අරමුණු ඉටු කරගන්නා දිනයක් බවට පත්වෙලා. මෙම වාණිජ කාර්ඩ් පත් නිර්මාණය 1700 ගණන්වල අග භාගය දක්වා විහිදෙනවා. ඒ අනුව පළමු වාණිජ වැලන්ටයින් කාර්ඩ් පත එක්සත් ජනපදයේ මුද්‍රණය කරනු ලැබුවේ 1800 ගණන්වල මැද භාගයේදීය. ආදරවන්තයින්ගේ රෝමානු දෙවියා වන කූපිඩ් , හදවත් සමඟ සම්ප්‍රදායිකව හැඟීම්වල ආසනය ලෙස වැලන්ටයින් නිරූපණය කරයි . කුරුළු පැටවුන්ගේ සංසර්ගය ආරම්භ වන්නේ පෙබරවාරි මැද භාගයේදී යැයි සිතූ නිසා කුරුල්ලන් ද දවසේ සංකේතයක් බවට පත්විය. සාම්ප්‍රදායික තෑගි අතරට ඇතුළත් වේකැන්ඩි සහමල් , විශේෂයෙන් රතු රෝස මල් , අලංකාරයේ සහ ආදරයේ සංකේතයක් ලෙස මේ දිනයේ යොදා ගන්නවා. ඉතින් මේ විදියට තමයි ලෝකය පුරාම ආදරවන්තයින්ගේ දිනය සමරන අද දවසේ ඉතිහාස කතාව සඳහන් වෙන්නේ.