ආර්ථිකය,අධ්‍යාපනය,දේශපාලනය සහ සමාජය වඩාත් යහපත් කරන බව නව ජනපති ජාතිය අමතමින් ප්‍රකාශ කරයි.

  • Home
  • /
  • News
  • /
  • ආර්ථිකය,අධ්‍යාපනය,දේශපාලනය සහ සමාජය වඩාත් යහපත් කරන බව නව ජනපති ජාතිය අමතමින් ප්‍රකාශ කරයි.

නව ජනපති ජාතිය අමතයි.

පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30ට ප්‍රථමවතාව ජාතිය අමතන ලදී.

එතුමාගේ ප්‍රකාශයේ සදහන් වූ පරිදි අසීරු කාල පසු කරගෙන පැමිණි තමන්ගේ දේශපාලන පක්ෂය විශ්වාස කර ශ්‍රී ලංකාවේ බලය ලබාදුන් ශ්‍රී ලංකාවේ ජනතාවට එතුමා මුලින්ම ස්තූතිවන්ත වූ අතර තවදුරටත් ඔවුන් සමග ජනතාවට රැදී සිටීමට ජනතාවගෙන් ඉල්ලා සිටීම සිදු කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික තත්ත්වය පිළිබද විශාල අවධානයක් යොමු කරමින් වැඩ කරන බව පෙනී යයි.එතුමා ඒ පිළිබදව ජාතිය ඇමතීමේ දී සදහන් කරන ලදී.

ජනපති ජාතිය ඇමතීම සාරාංශයක් වශයෙන් මෙසේය.

“ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා අදාළ ණය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා.”

“ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිමා කර ණය සහන ලබාගැනීමට කටයුතු කරනවා.” 

“ඒ සඳහා මේ රටේ ජනතාවගේ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයත් ලබාගත හැකි බවට අපි විශ්වාස කරනවා.”

මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා.”

“විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමට කැප වෙනවා.”

“නීතිගරුක රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනගනවා.”

“ජනතාවගේ අධික ජීවන බර අවම කිරීමට අපි කටයුතු කරනවා.”

“සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදෙනවා.”

“තරුණ පරපුරට හොඳ අනාගතයක් ඇති කරනවා.”

“රටේ ප්‍රතිරූපය ඉහළ යන ආකාරයේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා.”

“ජනතාවගේ සාධනීය විවේචන පිළිගැනීමට මා සූදානම්.”

“මේ රට ගොඩනැගීමට අවංකව සම්බන්ධවෙන සියලු දෙනාට අපේ දොරටු විවෘතයි.”

 

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025