චීනය විසින් ඇමරිකාවට එරෙහිව ගනු ලැබූ තවත් පියවරක් ලෙස ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ඇතැම් භාණ්ඩ සඳහා ඊයේ (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි බදු පැනවීමට චීනය පියවර ගෙන ඇති බව වාර්තා වේ. මේ අනුව චීනය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන ගල් අඟුරු හා ද්‍රවමය ස්වභාවික ගෑස් නිෂ්පාදනයන් ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා 15% ක දේශසීමා බද්දක්ද ඇමෙරිකානු බොරතෙල් ‘කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ හා විශාල එන්ජින් සහිත මෝටර් රථ සඳහා 10% ක බද්දක්ද අය කිරීමට පියවර ගෙන තිබේ.
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 10% ක පමණ බදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය සතියේදී කර තිබූ නිවේදනයෙන් පසු ලොව ප්‍රධානතම ආර්ථිකයන් දෙක වන ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය උග්‍ර වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.