ඇමරිකානු නීතියෙන්ම ඇමරිකාව තුළ TikTok තහනම් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඇමරිකානු නීතියෙන්ම ඇමරිකාව තුළ TikTok තහනම් කරයි.

මෑත කාලයේ දී අතිශය ජනප්‍රියත්වයට පත්වූ ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ තහනම් කිරීමට වොෂින්ටන් නුවර අභියාචනාධිකරණය පියවරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි හේතු දක්වමින් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය ඇමෙරිකාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇත.එමෙන්ම ටික්ටොක් තහනම් කිරීමට නීති සකස් කර ඇත්තේ එහි පරිශීලකයන්ගේ තොරතුරු එක්රැස් කිරිමට ටික්ටොක් සමාජ මාධ්‍යයේ හිමිකාරිත්වය දරන චීන සමාගමට ඇති හැකියාව සොයා බැලීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඒ අනුව අමෙරිකානුවන්ගේ තොරතුරු හා දත්ත එක්රැස් කිරිමට එම සමාගමට ඇති හැකියාව සැළකිල්ලට ගනිමින්  කොලොම්බියා දිස්ත්‍රික්කයේ පිහිටි අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මේ තීන්දුව නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.මෑත වසරවලදී ගෝලීය වශයෙන් සැලකිය යුතු අන්දමින් ව්‍යාප්ත වූ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමෙන් මිලියන 170කට වැඩි අමෙරිකානුවන්ට ඉන් ඉවත්වීමට සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025