ඇෆ්ගනිස්ථාන කාන්තාවන් වෙනුවෙන් ද.අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

  • Home
  • /
  • Sports
  • /
  • ඇෆ්ගනිස්ථාන කාන්තාවන් වෙනුවෙන් ද.අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

ඉදිරියේදී ඇරඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව ලොව පුරා එල්ලවන විරෝධතාවන්ට සහාය පළ කිරීමක් වශයෙන් ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව මූලික වටයේ දී එකම කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබයි.එම තරගය පෙබරවාරි 21වනදා කරච්චි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් පාලනය සතුවීමත් සමග එරට තුළ කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙසින් උල්ලංඝනය වෙමින් පවතින අතර ලෝකයේම අවධානය ඒ පිළිබදව යොමුවෙමින් පවතී.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025