ඉන්දියාවේ අහිතකර වායූන්ගෙන් ශ්‍රී ලංකාවටත් හානි

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාවේ අහිතකර වායූන්ගෙන් ශ්‍රී ලංකාවටත් හානි

ශ්‍රී ලංකාවේ යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය ඊයේ (01) සවස් කාලයේ දී අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

 

ඉන්දියාව ඇතුළු තදාසන්න රටවල වායු දූෂණය ඉහළ යාමත් සමග එම වායු දූෂක, සුළං ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

 

ජාත්‍යන්තරව පිළිගත් iqair.com වෙබ් අඩවියට අනුව ඊයේ (01) පස්වරු 3 වනවිට ශ්‍රී ලංකාවේ යාපනය,කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශක අගය 151 ඉක්මවා ගොස් තිබුණි.වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එහි අගය 151 සිට 200 දක්වා හැඳින්වෙන්නේ අහිතකර තත්ත්වයක් ලෙසය.

 

වායු ගුණ තත්ත්වය පහත වැටීමත් සමග සංවේදී පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇති කළ හැකි බැවින් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025