ඉන්දියාවේ රස කෑම,සංගීතය රස විදින්න නොමිලේම අවස්ථාවක්

  • Home
  • /
  • Blog
  • /
  • ඉන්දියාවේ රස කෑම,සංගීතය රස විදින්න නොමිලේම අවස්ථාවක්

බොහෝ දෙනා බලා සිටි උත්සවයක් වන දිවාලි උත්සවය ෆෙඩරල් චතුරශ්‍රයට නැවත පැමිණෙන අතර එය සියලුම වික්ටෝරියානුවන්ට නොමිලේ සහභාගී විය හැකිවේ.Celebrate India උත්සව සංවිධායකයින් විසින් සියලුම වික්ටෝරියානුවන්ට උත්සවවලට සම්බන්ධ වන ලෙසත්, ඉන්දියාවේ විචිත්‍රවත් හා ඉන්ද්‍රජාලික සංස්කෘතියට එකතු වී විනෝදවන ලෙසත් ආරාධනා කරයි.

වර්ණවත් නැටුම්, කිර්තාන්, රාම් සහ සීතාගේ රාජධානියේ තේජාන්විත සංදර්ශනයක්, සජීවී සංගීත කණ්ඩායමක්, සියලුම වයස් කාණ්ඩ සඳහා යෝගා සහ නැටුම් වැඩමුළු,ළමුන් සඳහා ශිල්ප වැඩමුළු ද මෙහි සංවිධානය කර ඇත. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙන ප්‍රණීත ආහාර ද වීදි ආහාර කඩවලින් ලබාගත හැකිය.

සෑම වසරකම ඉන්දියා ප්‍රජාවට විශාල වශයෙන් බලපාන බරපතල ගැටළු පිළිබඳව ද දැනුවත් කරයි.ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ මෑත කාලයේ සිදු වූ ඛේදනීය ජීවිත හානි සැලකිල්ලට ගනිමින්, ජීවිතාරක්ෂක වික්ටෝරියා වෙරළ තීරයන් නැරඹීමේ දී වටිනා ආරක්‍ෂිත තොරතුරු සහ කළ යුතු සහ නොකළ යුතු දේ ද පිළිබදව ද ජනතාව මෙහිදී දැනුවත් කරයි.මෙම උත්සවය ඔක්තෝම්බර් 26 දහවල් 12.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ.

 

Location

Fed Square

Swanston St & Flinders St

Melbourne 3000

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024