ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ සංජය රෝයි නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කොල්කටා රෝහලේ පුහුණු වන වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරු වරදකරු බව අධිකරණය පසුගියදා තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ රෝහලේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කළ සංජය රෝයි නමැත්තා සිද්ධියට තමා වරදකරු නොවන බව අධිකරණය ඉදිරියේ පවසා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කළා. පසුගිය අගෝස්තු මාසයේ සිට සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වුණා.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025