ඉරානයේ ජනප්‍රිය ගායක Mehdi Yaraහිට කස පහර 74ක්

  • Home
  • /
  • News
  • /
  • ඉරානයේ ජනප්‍රිය ගායක Mehdi Yaraහිට කස පහර 74ක්

ඉරාන කාන්තාවන්ට හිජාබය ඉවත් කිරීම සඳහා දිරිගැන්වීමේ ගීත ගැයීමේ චෝදනාවට වරදකරු වූ එරට ජනප්‍රිය ගායකයකු සහ සංගීතඥයකු වන Mehdi Yaraහිට කස පහර 74ක දඬුවමක් ලබා දී ඇතැයි ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම චෝදනාවට 2023 වසරේ අගෝස්තුවේදී අත්අඩංගුවට පත්වූ 43 හැවිරිදි ගායකයාට ටෙහ්රානයේ විප්ලවකාරී අධිකරණය විසින් වසර දෙකකුත්, මාස 8 ක සිර දඬුවමකුත් නියම කර තිබු බව එම දඬුවම හෙළා දකිමින් ඔහුගේ නීතිඥ සහරා මිනෝයි සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇතැයි ද වාර්තා වේ.

ඉරානයේ ඉස්ලාමීය නීතිරෙගුලාසිවලට පටහැණිව නීතිවිරෝධී ගීත නිකුත් කිරිම මෙහ්දිට එරෙහිව එල්ල කළ චෝදනාව වූ අතර, ඔහුගේ දඬුවමට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන ඇතුළු තවත් සංවිධාන රැසක් ඉරාන රජය විවේචනයට ලක් කළ බව ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025