ඊශ්‍රායලය විසින් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රායලය විසින් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කරයි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින් මාස තුනක් ඇතුළත නීති සම්පාදනය කිරීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමත් සමඟ ගාසා තීරයට ආධාර නොලබේදැයි බියක් ඇතිව තිබේ.

ගාසා තීරයට ඇතුළු වන සියලුම හරස් මාර්ග පාලනය කරන ඊශ්‍රායල හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හා යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයට ආධාර හුවමාරු කිරීම සඳහා එම සරණාගත ඒජන්සියේ සහාය අත්‍යවශ්‍ය වන අතර එම සංවිධානය ගාසා තිරයේ ක්‍රියා කරන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද වේ.

මේ අතර නැගෙනහිර ජෙරුසලමේ පිහිටි එම නියෝජිතායතනයේ මූලස්ථානය මේ වනවිට වසා ඇති බවද වාර්තා වේ.ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් මෙම පියවර පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025