ඊශ්‍රාලයට එක්සත් ජනපදයෙන් සහාය තවදුරටත්

  • Home
  • /
  • News
  • /
  • ඊශ්‍රාලයට එක්සත් ජනපදයෙන් සහාය තවදුරටත්

 මැද පෙරදිග ඉරාන ප්‍රහාර පිලිබඳ තර්ජන සමග වර්ධනය වන පීඩනය ඉහළ යයි. එක්සත් ජනපද බුද්ධි අංශ ජනාධිපති ජෝ බියිඩෙන්ට පවසා ඇත්තේ ඉරානය අදියර දෙකකින් ඊශ්‍රායලයට පහර දිය හැකි බවයි. සෘජුවම ඉරානයෙන් ප්‍රහාරය දියත් කිරීම සහ අනෙකනම් හිස්බුල්ලා සහ අනෙකුත් මිත්‍ර පාර්ශ්ව හරහා ප්‍රහාරය දියත් කිරීමයි.නමුත් තවමත් තීරණය කරමින් සිටින බැවින්,මුලින්ම සිදුවන ප්‍රහාරය කුමක්ද යන්න තවම   පැහැදිලි නැත.

ඊශ්‍රායලයේ හමුදා නායකයින් යෝජනා කරන්නේ ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර හිස්බුල්ලාට පහර දිය යුතු බවයි.නමුත් තවමත් නෙතන්යාහු මෙම සැලැස්මට එකඟ වී නැත.පසුගියදා හමාස් සහ හිස්බුල්ලා නායකයන් ඝාතනය කිරීමෙන් පසු තත්ත්වය වඩාත් උණුසුම් වී තිබේ. ඉදිරි දින දෙක තුළ ඊශ්‍රායලයට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.රුසියාව විසින් ඉරානයට උසස් ගුවන් ආරක්ෂක උපකරණ යවා ඇති අතර ඉරාන නිලධාරීන් ඊශ්‍රායලයට සහාය වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ සමහර යුරෝපීය රටවල් විවේචනය කිරීම ද කර ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, කලාපය තුළ මිලිටරි පැවැත්ම වැඩි කර ඇති අතර,අමතර ප්‍රහාරක ජෙට් යානා යවා ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සමීපයට ගෙන ගියේය. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙනත් රටවල් සමඟ එක්ව ගාසා තීරයේ තව දුරටත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ සටන් විරාමයකට එළඹීමට උත්සාහ කරයි.ගාසා ගැටුම අවසන් කර සෞදි අරාබිය සමඟ ගනුදෙනුවක් කිරීමට ජනාධිපති බයිඩෙන් බලාපොරොත්තු වූ නමුත් දැන් ඔහු අවධානය යොමු කර ඇත්තේ ඉහළ යන කලාපීය අර්බුධය මධ්‍යයේ ඉරානයට එරෙහිව ශක්තිය පෙන්වීමට ය.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024