උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාව සම්බාධක පනවයි.

  • Home
  • /
  • News
  • /
  • උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමෙරිකාව සම්බාධක පනවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට හා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවා ඇත.ඉරිදා (09) දිනට යෙදී තිබු ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය හා ඊයේ (10) යෙදී ඇති මානව හිමිකම් දිනය පාදක කර ගනිමින් ඇමෙරිකාව රටවල් රැසක පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකාව ඒයාර්බස් ගුවන් යානා වෙළදපොළ වටිනාකමට වඩා වැඩි වටිනාකමකින් මිලදී ගැනීම සහතික කිරීමට අල්ලසක් ලබාගෙන ඇති බවට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා එල්ල කරයි.එමෙන්ම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙලකින් ප්‍රතිලාභ ලැබු බවට ද චෝදනා එල්ල වී ඇත.ගෝලීය දූෂණ හා මානව හිමිකම් අපයෝජනයට එරෙහිව වගවීමේ ක්‍රියාමාර්ග යටතේ ඔවුන් පිළිබදව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ද ඔවුන් මේ පිළිබදව සඳහන් කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025