රුසියාව සමඟ සාම ගිවිසුමක් සම්බන්ධයෙන් එක්සත් ජනපද සහ යුක්රේන නිලධාරීන් අතර තීරණාත්මක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත බව ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරියෙක් පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත Steve Witkoff සිකුරාදා (AEDT) පැවසුවේ මෙම හමුව සෞදි අරාබියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
පසුගිය සතියේ ට්‍රම්ප් සහ ජනාධිපති Volodymyr Zelensky අතර ඕවල් කාර්යාලයේ ඇති වූ ගැටුමෙන් පසු එක්සත් ජනපද සහ යුක්රේන සබඳතා උණුසුම් වෙමින් පවතින බව මෙම හමුවෙන් ඇඟවෙන අතර මෙම ආරවුලෙන් පසුව, එක්සත් ජනපදය යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර කපා හැර යුක්රේන සන්නද්ධ හමුදාවන් සමඟ බුද්ධි තොරතුරු හුවමාරුව වසා දැමීමට කටයුතූ කරනු ලැබීය.
ධවල මන්දිර රැස්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව Wittkoff තහවුරු කළ අතර, සෙලෙන්ස්කි සඳුදා සෞදි අරාබියට යන බවත් ඔහුගේ කණ්ඩායම එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රැඳී සිටින බවත් පැවසීය.