ඔක්තෝබර් 03 ආරම්භ වන T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන

  • Home
  • /
  • Sports
  • /
  • ඔක්තෝබර් 03 ආරම්භ වන T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන T20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ඊයේ (26) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය. එහි A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වදී. B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය තරග වදී.

තරගාවලිය ඔක්තෝබර් මස 03 වෙනිදා ආරම්භ වන අතර, ඔක්තෝබර් මස 20 වන දා Dubai Intl Cricket Stadium හී අවසන් මහා තරඟයෙන් තරඟාවලිය අවසන් වෙයි.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙක වන අතර, ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන සිටී. ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.

කාන්තා T20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණි. කෙසේ නමුත් ඉකුත් දින කිහිපයේදී බංග්ලාදේශය තුළ හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමට ICCය කටයුතු කළේය.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025