ඕස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා දිවු­රුම් දෙයි

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා දිවු­රුම් දෙයි

ඕස්ට්‍රි­යාවේ මාස 5ක දේශ­පා­ලන අර්බු­දය අවසානය සනිටුහන් කරමින්  එරට මහ­ජන පක්ෂයේ Christian Stoker, නව චාන්ස­ල්ව­රයා ලෙස දිවු­රුම් දුන් බව වාර්තා වේ.  ජාතික කවු­න්සි­ල­යට නියෝ­ජි­ත­යන් පත් කර­ගැ­නීම සඳහා පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් මාසයේ පැවති ඕස්ට්‍රි­යානු මැති­ව­ර­ණ­යෙන් එම පක්ෂය දෙවැනි ස්ථාන­යට පත්වු­වද, මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි හා සිවු­වැනි තැනට පත්වූ මධ්‍ය වාමාං­ශික සමා­ජ­වාදී ප්‍රජා­තා­න්ත්‍රික පක්ෂය සහ ලිබ­රල් Neos පක්ෂය සමඟ එක්ව හවුල් රජ­යක් බිහි කිරී­මට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. 28.8% ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා පළමු ස්ථාන­යට පත්වූ අන්ත දක්ෂි­ණාං­ශික නිද­හස් පක්ෂය රජ­යක් පිහි­ටු­වීම සඳහා සෙසු පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡා බිඳ වැටුණු බව ද වාර්තා වේ.

ඕස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා ලෙස පත්වූ 64 හැවි­රිදි Christian Stoker ට ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි, විය­ට්නා­මයේ අග­මැති Pam Min Chin ඇතුළු රාජ්‍ය නාය­ක­යන් රැසක් සුබ­පැ­තුම් එක් කළ බව ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025