ඕස්ට්‍රේලියානුවන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගන්නා Centrelink scam පිළිබද අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානුවන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගන්නා Centrelink scam පිළිබද අනතුරු ඇඟවීමක්

Centrelink වෙතින් $890 “ජීවන වියදම් ප්‍රසාද දීමනාවක්” ලබාදෙන බව දක්වමින් ව්‍යාජ ලෙස එය ප්‍රවර්ධනය කරමින් සිටින වංචාකාරී වෙබ් අඩවියක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට Services Australia විසින් ඕස්ට්‍රේලියානු ජනතාව දැනුවත් කරයි. අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍යවල දැන්වීම් ලෙස පෙනී සිටින තවත්  ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් ද Services Australia විසින් හඳුනාගෙන ඇත.

මෙම වංචනික වෙබ් අඩවි බොහෝ විට ඩොලර් 750 සහ $1,800 වැනි විවිධ ව්‍යාජ ගෙවීම් ප්‍රමාණයන් ලබා දෙමින් විශ්‍රාමිකයින්, ආබාධිත පුද්ගලයින් සහ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් මූල්‍ය සහන ලබාදෙන බවට පවසමින්  රවටා ගැනීම සිදුකරයි.

ජනතාවට සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්,සැක සහිත වෙබ් අඩවි වෙතට පිවිසීම සිදුනොකරන ලෙසත් Services Australia  ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රධාන අනතුරු ඇඟවීමක් වන්නේ සෑම විටම URL එක පරීක්ෂා කිරීමයි.රජයේ සියළු නිල වෙබ් අඩවි .gov.au වලින් අවසන් වේ.එසේ නොමැති නම්, ඒවා වංචනික ඒවා විය හැකි බවට Services Australia විසින් ඕස්ට්‍රේලියානු ජනතාවට අනතුරු අඟවයි.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025