ඕස්ට්‍රේලියානුවන්ගේ ආදායම ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානුවන්ගේ ආදායම ඉහළට

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වාර්තාගත ලෙස පහළ යාමත් සමඟ පූර්ණකාලීන ඕස්ට්‍රේලියානු සේවකයන්ගේ සාමාන්‍ය සතිපතා ඉපැයීම් ඩොලර් 1,900 ඉක්මවයි.පූර්ණ කාලීනව සේවය කරන ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 1,900 කට වඩා වැඩි මුදලක් ගෙවනු ලැබේ.නැතහොත් වසරකට ඩොලර් 100,000 ක් පමණ ගෙවනු ලබන බව නව සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ.ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය බ්‍රහස්පතින්දා (15) හෙළිදරව් කළේ පූර්ණ කාලීන රැකියා කරන වැඩිහිටියන්ගේ සාමාන්‍ය සතිපතා සාමාන්‍ය ඉපැයීම් මැයි මාසයේදී ඩොලර් 1,923.40 ක් ලෙසිනි.

සාමාන්‍ය සතිපතා ඉපැයීම්වල වර්ධනය 2024 පළමු භාගයේදී මන්දගාමී වූ අතර,තවමත් 2024 මැයි දක්වා 4.6% ක හෝ සතියකට අමතර ඩොලර් 85 ක සාපේක්ෂව ශක්තිමත් වාර්ෂික වර්ධනයක් පවතින බවත්,මෙය 2023 නොවැම්බර් දක්වා  4.5% නැත්නම් ඩොලර් 81 ට වඩා මදක් වැඩි විය.මෙම වර්ධනය පුද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකෙහිම ඉහල යාමෙන් පාදක වූ අතර එය වාර්ෂිකව 4.6% කින් වර්ධනය වූ බවත් සදහන් වේ.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025