කාලගුණ විද්‍යා කාර්යාංශයේ සුනාමි අනතුරු ඇඟවීමේ පරීක්ෂණය ඕස්ට්‍රේලියාව පුරා ව්‍යාකූලත්වයක් ඇති කරයි.
නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් මගින් නිකුත් කල පරීක්ෂණ අනතුරු ඇඟවීමක් ඕස්ට්‍රේලියානුවන් අතර විශාල ව්‍යාකූලත්වයක් ඇති කිරීමෙන් පසු කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) සිදු වූ අපහසුතාවය පිළිබද සමාව අයැද සිටී. BOM කාලගුණ යෙදුම හරහා පෙරවරු 11 සිට මධ්‍යහ්නය දක්වා යවන ලද අනතුරු ඇඟවීම්, සත්‍ය සුනාමි තර්ජනයක් ඇති බව බොහෝ පිරිස් වැරදියට විශ්වාස කළ නිසා මෙම තත්ත්වය උද්ගත විය.
කලබලකාරී තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් රටට සුනාමි තර්ජනයක් නොමැති බව පැහැදිලි කරන ලද අතර මෙම පරීක්ෂණය ඔවුන්ගේ අනතුරු ඇඟවීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කළ කොටසක් බව ප්‍රකාශ කළේය.ඔවුන් විසින් සිදු වූ වැරැද්ද පිළිගත් අතර, පරීක්ෂණ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු ඉක්මනින් අවලංගු කළ බව ද අවධාරණය කළහ.