ඕස්ට්‍රේලියානු දුරකථන සමාගම් වලට එරෙහිව එල්ලවන පාරිභෝගික පැමිණිලි ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු දුරකථන සමාගම් වලට එරෙහිව එල්ලවන පාරිභෝගික පැමිණිලි ඉහළට

Australian telco giants ට  කරන ලද පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, විශාලතම පැමිණිලි වලින් එකක් වන්නේ දුරකථන සේවාවේ දුර්වලතාවයයි.

පසුගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ පාරිභෝගිකයින් විදුලි සංදේශ කර්මාන්ත ඔම්බුඩ්ස්මන් වෙත පැමිණිලි 15,297 ක් ඉදිරිපත් කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව  5.6% ක වැඩිවීමකි.

පොදු පැමිණිලි කිහිපයක් වන්නේ සැපයුම්කරුවන්ගේ මන්දගාමී හෝ ප්‍රමාද වූ ක්‍රියාමාර්ග, සේවා අත්හැරීම් සහ  3G ජාල වසා දැමීම වැඩිවීමයි. 

එසේම  සේවා සහ උපකරණ ගාස්තු මිල සම්බන්ධයෙන් පැමිණිලි 5286 ක් ලැබුණු අතර එය පෙර වසරට සාපේක්ෂව මෙම කාර්තුවේදී  11.5% කින් ඉහළ ගොස් තිබේ. 

තුන්වන ගැටළුව බවට පත්වුයේ දුරකථන හෝ අන්තර්ජාල සේවාවක් නොමැති වීමයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි 208 ක් ලැබී ඇති අතර එය වසරින් වසර 26% ක තියුණු වැඩිවීමකි.

රටේ ප්‍රධාන විදුලි සංදේශ සමාගම් වන Telstra, Optus සහ Vodafone යන  සියල්ලම පසුගිය වසරේ ඔක්තෝබර් 28 වන විට ජාලය අක්‍රිය කර තිබුණි. මෙම අවහිර කිරීම හේතුවෙන් 4G සහ 5G ජාල හරහා ආවරණය වැඩිදියුණු වන බව සමාගම් පැවසීය “The demand and the consumption of data has been increasing exponentially,” Chris Taylor ඒ අවස්ථාවේ පවසා තිබේ.

ඕස්ට්‍රේලියානු සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම දුරකථන සමාගම් පිළිබඳ පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබුණි.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025