ඕස්ට්‍රේලියානු සංචාරකයින් ජාත්‍යන්තර සංචාර සඳහා වැඩි වියදම් සහ නව අවශ්‍යතාවලට මුහුණ දී සිටී. ග්‍රීසිය විසින් ඉතා ඉක්මනින් ඉහළ යන සංචාරක ගමනාගමනය කළමනාකරණය කිරීම සඳහා Summer Season එකෙදි සැන්ටෝරිනි සහ මයිකොනොස් වෙත පැමිණෙන සංචාරක මගීන් සඳහා යුරෝ 20 ($33) සංචාරක බද්දක් පනවනු ඇත.
2025 අප්‍රේල් මාසයේ සිට ඕස්ට්‍රේලියානුවන්ට යුරෝපීය රටවල් 30කට ගමන් කිරීමට ETIAS (යුරෝපීය සංචාරක තොරතුරු සහ අවසර පද්ධතිය) සුරක්ෂිත කිරීමට ද අවශ්‍ය වනු ඇත.ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 20 ක ගාස්තුවක් අය කෙරේ.එක්සත් රාජධානියේ 2025 ජනවාරි 8 වැනිදා සිට ETA (ඉලෙක්ට්‍රොනික් සංචාරක අවසරය) අනිවාර්ය වනු ඇත.ඒ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 20ක් වැය වන අතර මාස හයක නැවතී සිටීමට අවසර ලැබේ. මීට අමතරව බ්‍රසීලය 2025 අප්‍රේල් 10 වන දින නව වීසා ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත.වසර 10 කට වලංගු වන සහ බහු ප්රවේශයන් සඳහා ඉඩ ලබා දෙන වසරකට දින 90 කට සීමා වුවද ඕස්ට්‍රේලියානු ඩොලර් 124 ක් අවශ්‍ය වේ. මෙම වෙනස්කම් ජාත්‍යන්තර සංචාරවල වර්ධනය වන සංකීර්ණතා සහ වියදම් ඉස්මතු කරන අතර සංචාරකයින්ට අවධානයෙන් සිටින ලෙසත් ඒ අනුව ඔවුන්ගේ සංචාර සැලසුම් කරන ලෙසත් බලධාරීන් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටී.