ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රබල ක්‍රීඩකයන් 8ක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 8ක් ඊයේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
මේ එක්දින තරගාවලිය හෙට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩාංගනයක් වන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, අවසන් එක්දින තරගය 14 වැනිදා පැවැත්වීමට නියමිතය.ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩා කළ ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, ජොස් ඉංග්ලිස්, ඇලෙක්ස් කේරි, කූපර් කොනාලි, ෂෝන් ඇබොට්, ට්‍රැවිස් හෙඩ් තවදුරටත් එක්දින තරගාවලිය වෙනුවෙන් රැඳී සිටින අතර, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් ඩවාෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, තන්වීර් සංගා හා මැට් ෂෝර්ට් යන ක්‍රීඩකයෝ එක්දින තරග දෙක වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ටෙස්ට් සංචිතයේ සිටි ස්කොට් බෝලන්ඩ්, සෑම් කොන්ස්ටාස්, උස්මාන් කවාජා, මැතිව් කූනමන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වනී, ටොඩ් මර්ෆි හා බියූ වෙබ්ස්ටර් යන ක්‍රීඩකයෝ මේ වන විටත් ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටිති. ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සැලසුම වේ.එක්දින තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිල ඊයේ දින පුහුණු කටයුතු ආරම්භ කළ අතර, අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් පුහුණු සැසියෙන් පසු කණ්ඩායම නම් කිරීමට නියමිත බව සඳහන් ය.