ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අති නවීන ගුවන් යානයක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අති නවීන ගුවන් යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ලැබීමට නියමිතය. ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙස එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වේ. මෙම නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයකි. මෙම ගුවන් යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය තුළ සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම්, මානුෂිය ආධාර හා ආපද‍ා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පුළුල් කරගැනීමට ඉවහල්වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025