දකුණු ඕස්ට්‍රේලියාව,ටස්මේනියාව සහ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා ශ්‍රී ලංකාවෙන් පත්කරන ලද කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත කොමිෂන් පත්‍රය පිළිගන්වා තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අධ්‍යක්ෂ තිමති කේන් මහතා වෙත කොමිෂන් පත්‍රය පිළිගන්වා තිබෙන අතර මෙල්බන්හි වික්ටෝරියා ප්‍රාන්ත කාර්යාලයේදී එය සිදුව තිබෙන බව වාර්තා වේ.
තිමති කේන් මහතා විසින් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය උණුසුම් ලෙස පිළිගෙන තිබෙන අතර ඇයගේ පත්වීම වෙනුවෙන් සිය සුබපැතුම් එක්කර තිබේ.මේ සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම, වෙළෙඳාම, ආයෝජන, සංචාරක, ක්‍රීඩා සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
මේ හමුව අතරතුර, කොන්සල් ජනරාල්වරිය වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන අතර දෙරට අතර සබඳතා ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමුකර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නිවහන වන අතර, එය ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන විශාලතම ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගෙන් එකකි.