ඕස්ට්‍රේලියාවේ බියර් මිල පහත දමන ලෙසට ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ බියර් මිල පහත දමන ලෙසට ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්

නෝර්වේ සහ ෆින්ලන්තයට පමණක් පිටුපසින් ලෝකයේ ඉහළම බියර් බදු ඇති ඕස්ට්‍රේලියාවට ප්‍රතිචාර වශයෙන් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් බියර් සුරාබදු අවම කිරීම පිළිබද සලකා බලයි.ප්‍රධාන නගරවල pint මිල ඩොලර් 15 සිට 20 දක්වා ආසන්න වීමත් සමඟ වෙළදසැල් හිමියන් ද මිල පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර පාරිභෝගිකයන් ද වෙනත් තැන්වල ලාභදායී බීම විකල්ප සෙවීමට ද මෙය හේතුවක් වී ඇත. 

ජාතික නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් ඔස්ට්‍රේලියානු හෝටල් සංගමය හමුවී ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති අතර පවතින ජීවන වියදම් අර්බුදය සහ නිරන්තර සුරාබදු වැඩිවීම් නිසා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට බියර් භාවිතය  අඩු කර ඇති බව අවධාරණය කරයි.අඛණ්ඩ බදු වැඩිවීම් 18 කින් පසුව, බියර් ස්කූනර් එකක මිල ඩොලර් 9 ත් 15 ත් අතර වේ.

යෝජිත බදු අවම කිරීම පාරිභෝගිකයින් මත මූල්‍ය පීඩනය ලිහිල් කිරීම සහ දේශීය ව්‍යාපාර සඳහා සහාය වීම අරමුණු කර ඇති අතර, සන්ධානය තවමත් මෙම පියවර සඳහා පුළුල් සහයෝගයක් දක්වා නොමැත.shadow මුදල් ඇමති ජේන් හියුම් බදු ක්‍රමයේ සංකීර්ණතා ඉස්මතු කළ අතර, මධ්‍යසාර බදු වෙනස් කිරීමට තමන් උනන්දු නොවන බව කම්කරු පක්ෂය ප්‍රකාශ කර ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025