ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට හදිසි යෝජනාවක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට හදිසි යෝජනාවක්

Black Dog Institute විසින් ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය අරමුදල් සහ සැලසුම්වල සැලකිය යුතු දියුණුවක්  සිදුවිය යුතු බවට ඉල්ලා ඇති අතර නව සමීක්ෂණ මගින් පද්ධතියේ විශාල අඩුපාඩු ප්‍රමාණයක් හෙළි කර ඇත.සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ මානසික සෞඛ්‍ය රැකවරණය අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් 25%කට වඩා අඩු පිරිසකට කාලෝචිත සහ සුදුසු උපකාර ලැබුණු නමුත් බොහෝ දෙනෙකුට වසරක් දක්වා රැඳී සිටීමේ කාලයකට මුහුණ දීමට සිදුවන බවත් ය.පිරිමින්, තරුණයින් සහ ගම්බද වැසියන් විශේෂයෙන් මානසික පීඩාවට වැඩි වශයෙන් ලක්වන පිරිස් බව වාර්තාව අවධාරණය කරයි.

එම ආයතනය මගින් වත්මන් තත්ත්වය විස්තර කළේ ජාතික අර්බුදයක් ලෙසිනි.මේ පිළිබදව ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් අනාගත පරම්පරාව සඳහා මානසික සෞඛ්‍ය ප්‍රතිඵල නරක අතට හැරෙන බවට අනතුරු අගවා ඇත.2018 වසරේ සිට මානසික සෞඛ්‍ය සඳහා කුඩාම ආයෝජනය සැපයූ නවතම ෆෙඩරල් අයවැයෙන් මෙම ගැටලුවලට විසඳුම් නොදීම ගැන ඔවුන් ඇල්බේනියානු රජය විවේචනය කළහ.සියදිවි නසාගැනීම් වැළැක්වීම සහ ඒ පිළිබද දැනුවත් කිරීම සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව මොවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය පිළිබදව හටගෙන ඇති අර්බුධය විසඳීම සඳහා හදිසි සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව මෙම ආයතනය විසින් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025