ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Peter Dutton ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකඡාවක් පවත්වයි.ඕස්ට්‍රේලියාවේ විපක්ෂ නායක Peter Dutton මැද පෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ අද දින (31) පැයක සාකඡාවක් පවත්වා ඇත.යුදෙව් රාජ්‍යය හමාස් සංවිධානයට එරෙහිව සිය යුද්ධය කරගෙන යන ආකාරය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය නිරන්තර විවේචනය කිරීමක පසුවන අවස්ථාවක, ඇල්බනීස් සහ ඊශ්‍රායල රජයන් අතර මතුවන අර්බුධකාරී තත්ත්වය මධ්‍යයේ විපක්ෂ නායකයා ඊශ්‍රායලයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී ඇති බව ස්කයි නිව්ස් හෙළිදරව් කලේය.පැයක් පුරා පැවති මෙම හමුව සුහදශීලී සහ සාධනීය එකක් වූ බවට තොරතුරු වාර්තා වේ.
උපාය මාර්ගික කටයුතු අමාත්‍ය Ron Dermer සහ ජාතික ආරක්ෂක උපදේශක Tzachi Hanegbi ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
ඩටන් මහතා ඊශ්‍රායලයට පැමිණීමට ගත් තීරණය සහ ඊශ්‍රායල සහ යුදෙව් ජනතාව සඳහා ඔහුගේ ශක්තිමත් නායකත්වය සහ මිත්‍රත්වය පිළිබඳව නෙතන්යාහු සිය ප්‍රසාදය ද පළ කර ඇත.මැද පෙරදිග සහ ඕස්ට්‍රේලියාවේ සහයෝගීතාවය පෙන්වීම සඳහා ඩටන් මහතා සඳුදා දින හතරක සංචාරයක් සඳහා ඊශ්‍රායලයට පැමිණ ඇත.