ඕස්ට්‍රේලියාවේ සංචාරකයින් සදහා නැව් ගමනාගමනය විවෘත වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ සංචාරකයින් සදහා නැව් ගමනාගමනය විවෘත වෙයි.

2024 කෲස් වාරය නිල වශයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ දී සංචාරකයින්ට විවෘත වී ඇති අතර, පළමු නැව ඇඩිලේඩ් හි පිටත වරායේ නැංගුරම් ලා ඇත. මෙය දකුණු ඕස්ට්‍රේලියාවට සැලකිය යුතු ප්‍රතිලාභයක් සනිටුහන් කරයි.එයට හේතුවනම් එය දශකයකට වැඩි කාලයක් තුළ ප්‍රාන්තයේ වඩාත් කැපී පෙනෙන ස්ථාන කිහිපයකට සංචාරක නැව් පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

Princess Cruises හි Megan Koffel ප්‍රතිලාභ ඉස්මතු කරමින් ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව දැකබලා ගැනීමට එය අපූරු ක්‍රමයක් බවත් එය අමුත්තන්ට ඉමහත් වටිනාකමක් ලබා දෙන අතරම එමගින් කුණු ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ද දායක වන බවයි.මෙම වාරයේ සුඛෝපභෝගී සහ පවුල් හිතකාමී වඩාත් සමීප අත්දැකීමක් සඳහා පළමු වරට මුහුදු ගමන් 20කට අධික ප්‍රමාණයක් ඇතුළත් වේ.

වසර 15 කට පසු ප්‍රථම වතාවට සුඛෝපභෝගී ප්‍රංශ නෞකාවක් වන Ponant වික්ටර් වරායට සහ Fleurieu අර්ධද්වීපයට නැව් ගෙන ඒම ද විශේෂත්වයකි. පෙර මුහුදු ගමන් වාරය දකුණු ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් මිලියන 215 ක දායකත්වයක් ලබා දුන් අතර මේ වසරේ මගීන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂා කරන බැවින් ආර්ථික බලපෑම තවත් විශාල විය හැකිය.කෲස් වාරය 2025 ජූනි මාසය දක්වා විවෘතව පවතිනු ඇත.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025