ඕස්ට්‍රේලියාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුම මුදල් ආතතියකින් පෙළෙන බවට නව වාර්තා හෙළි කරයි

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුම මුදල් ආතතියකින් පෙළෙන බවට නව වාර්තා හෙළි කරයි

ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනපතා මුදල් පිළිබඳ ආතතියකින් පෙළෙන බවට වාර්තා වේ.

 

ජීවන වියදම් අර්බුදය උග්‍ර වන විට ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනපතා මූල්‍ය ආතතියකට ලක්වන බව මෑතකදී වාර්තාවකින් හෙළි වී ඇත.2024 ගෘහාශ්‍රිත අයවැය පිළිබදව සිදුකරන ලද සමීක්ෂණයක් මගින් හෙළි කර ඇත්තේ, ඒ සදහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් සතියකට වරක්වත් මූල්‍ය ප්‍රශ්න සමඟ පොරබදන බව සොයා ගන්නා ලදී. ප්‍රධාන සොයාගැනීම්වලින් පෙනී යන්නේ සහභාගිවන්නන්ගෙන් 20% ක් පමණ ඉතිරිකිරීම් වාර්තා කරන අතර 15%කට වඩා වැඩි පිරිසක් ණයවලට මුහුණ දෙන බවයි.

වසර දෙකකට වැඩි කාලයක් ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ ඉලක්කයට වඩා උද්ධමනය පැවතීමත් සමඟ සිල්ලර බඩු වියදම්වල තුනෙන් එකක වැඩිවීමක් සහ විදුලි බිල ඉහළ යාම ඇතුළුව අත්‍යාවශ්‍ය වියදම් ඉහළ ගොස් ඇත. 

පොලී අනුපාත ඉහල දැමීම් හේතුවෙන් උකස් ආපසු ගෙවීමට නොහැකිව නිවාස හිමියන් විශේෂයෙන් පීඩාවට පත් වේ.මෙම බලපෑම් මධ්‍යයේ වුවද, ඕස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් තම බිල්පත් ඉතිරි කර ගැනීමට ක්‍රියාශීලීව ක්‍රම සොයමින් නොසිටි අතර, ආර්ථික අධ්‍යක්ෂ ඩේවිඩ් කොච් “loyalty tax” මගහැර වඩා හොඳ ගනුදෙනු ක්‍රමවේදයක් පිළිබදව ගවේෂණය කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025