ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පෝස්ට් වෑන් රථයට පලංචියක් වැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබයි.
බදාදා (07) උදෑසන Sydney හි CBD හි ප්‍රධාන මාර්ගයක් වසා දමනු ලැබුවේ ඉදිකිරීම් ස්ථානයක සිට ඕස්ට්‍රේලියානු පෝස්ට් වෑන් රථයක් මතට පලංචියක් වැටීමෙන් පසුවය. කාර්යබහුල උදෑසනක, කාර්යබහුල වේලාවේ පිට් වීදියේ පෙරවරු 9:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.හදිසි සේවාවන් එම ස්ථානයට ඉතා ඉක්මනින් ළගා වී ඇත. පලංචිය වෑන් රථය මතටම පතිත වී ඇති අතර එය තුළ වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු සිටි බව සොයා ගන්නා ලදී.
වාසනාවකට මෙන් මෙම පුද්ගලයා සුළු තුවාලවලින් පමණක් ලබා ඇති අතර,අනතුර සිදුවීමේ ස්ථානයට පැමිණි වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසු රෝහලට යාමට අවශ්‍ය නොවීය.ඇසින් දුටුවන් වාර්තා කළේ පලංචිය ගැටගසා තිබූ කඹයක් කැඩී යාමෙන් මේ අනතුර සිදු වූ බවයි.බරපතල හානියක් වළක්වා ගැනීමට සමත් වූ නිසා එම පුද්ගලයා ඉතා වාසනාවන්ත බව සියලු දෙනා පැවසූහ.නමුත් ඇතමුන් පැවසුවේ පලංචිය වෙනස් ආකාරයකින් වෑන් රථයට වැටුනේනම් තත්ත්වය භයානක විය හැකි බවයි.