ඕස්ට්‍රේලියාව තුළ ඔන්ලයින් සූදුව ඉහල යාමේ අවදානමක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාව තුළ ඔන්ලයින් සූදුව ඉහල යාමේ අවදානමක්

ඕස්ට්‍රේලියාව තුළ මේ වනවිට ඔන්ලයින් සූදුව අවදානම් මට්ටමකට පැමිණ ඇතිබව එරට පර්යේෂණ පෙන්වා දෙයි.සූදුව ප්‍රධාන වශයෙන්ම ඔන්ලයින් ආකාරයට ඉතාමත් ජනප්‍රිය වී ඇති අතර අවදානම් මට්ටම්වල සූදු ක්‍රීඩාවේ නිරතවන ප්‍රමාණය මේ වර්ෂය තුළ දී 11.6% සිට 13.6 දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙනිසා විශාල අවදානම් තත්ත්වයක් රට තුළ උද්ගත විය හැකි බවත් එරට පර්යේෂකයන් පවසයි.

ANU ආයතනයේ දත්ත විශ්ලේෂණයට අනුව 2019 අප්‍රේල් සිට 2024 ජනවාරි දක්වා අතර කාලයේ දී ගත් තොරතුරු අනුව පසුගිය මාස 12ක කාලය තුළ වැඩි වශයෙන් මිනිසුන් සූදුව සදහා යොමු වී ඇත.ලොතරැයි ටිකට් පත් ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රියම සූදුව වශයෙන් හදුනාගෙන ඇත. 

ANU දත්ත වාර්තා අනුව මිලියන 1.2 ක් පමණ වැඩිහිටියන් හෝ වැඩිහිටියන් 20 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා ඔන්ලයින් සූදුව සදහා ඇබ්බැහි වී ඇති බව දක්වයි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, අධ්‍යයනවලින් පෙනී යන්නේ සෑම වසරකම ඕස්ට්‍රේලියානුවන් වෙනත් ඕනෑම රටක  පුද්ගලයෙකුට වඩා සූදුවෙන් අහිමි වන පාඩුව  ඩොලර් බිලියන 25 ක් පමණ වේ.

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024