ජාතික ස්මාරකවල සිට ඇවන්ගාඩ් ගැලරි සහ ස්වාධීන සිනමාහල් දක්වා සියලු දේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨතම ඓතිහාසික හා සංස්කෘතික වස්තු වේ. ඕස්ට්‍රේලියාව යනු, වසර පුරා ප්‍රදර්ශන, උත්සව සහ සිදුවීම් සහිත දින දර්ශනයක් සහිත සමෘද්ධිමත් කලා නිවහනක් වේ.රට පුරා ඇති කෞතුකාගාරවලින් ඕස්ට්‍රේලියාවේ විශාල පරාසයක වටිනා සංස්කෘතික ඉතිහාසය සොයාගැනීමට හැකිවේ.ප්‍රධාන ආයතනවලත් කුඩා වාණිජ ගැලරිවල සහ නගර මංතීරුවලත් ඕස්ට්‍රේලියානු කලාකරුවන්ගේ හොඳම නිර්මාණ නැරඹීමට හැකිවේ. සිඩ්නි ඔපෙරා හවුස් වැනි ප්‍රසිද්ධ ස්ථානවල මහා පරිමාණ ප්‍රසංගයකට සහභාගී වීමට නැතහොත් බාර් එකක හෝ පබ් එකක නැගී එන දේශීය සංගීතඥයන් විසින් පවත්වන ප්‍රසංගයකට සහභාගී වීමට ඔබට හැකියාව ලැබේ. ඕස්ට්‍රේලියාව පුරා විහිදී ඇති ඓතිහාසික සහ සංස්කෘතික අත්දැකීම් බෙදාගත හැකි ස්ථානයන් පහත පරිදි වේ.
සිඩ්නි නගරය අසල
සිඩ්නි හි සිටින විට සිඩ්නි ඔපෙරා හවුස් හි ප්‍රසංගයක් නැරඹීම අත්‍යවශ්‍ය වේ.ඔපෙරා, රංග ශාලාව, සම්භාව්‍ය සංගීතය සහ මුද්‍රා නාට්‍ය විකාශනය වන සෑම සතියකම ඔබට ප්‍රසංග 40කට වඩා වැඩි ප්‍රමාණයකින් එකක් තෝරාගැනීමට හැකිවේ. මෙම අද්විතීය වාස්තු විද්‍යාත්මක සන්ධිස්ථානයේ තිරය පිටුපසට යාමට ඔබට පැය දෙකක පසුබිම් චාරිකාවකට ද සම්බන්ධ විය හැකිවේ.අලංකාර Walsh Bay හි Sydney Theatre Company හෝ Bangarra Dance Theatre වෙතින් ප්‍රසංගයක් නැරඹීමට නැතහොත් Cate Blanchett, Geoffrey Rush සහ Judy Davis වැනි විශිෂ්ට ඕස්ට්‍රේලියානු ප්‍රසංග කලාකරුවන් විසින් පෝෂණය කළ Surry Hills හි පිළිගත් Belvoir St Theatre වෙත පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.කලා කෞතුකාගාරය (MCA), නිව් සවුත් වේල්ස් හි කලාගාරය සහ ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය බලමින් රොක්ස් සිට හයිඩ් පාර්ක් දක්වා සංස්කෘතික මාවතක් ඔස්සේ ගමන් කිරීමට ඔබට හැකියාව ලැබේ. Paddington, Surry Hills, Redfern සහ Chippendale හි අභ්‍යන්තර නගර ද අසල්වැසි Carriageworks ද, විශාල කලා අවකාශයක් සහිත කෞතුකාගාර වන චීන කලා කෞතුකාගාරය, White Rabbit Gallery ඇතුළු බොහෝ ගැලරි වලට නිවහන වේ.ජනවාරි මාසයේ Sydney Festival සහ Vivid Sydney හි මැයි සහ ජූනි මාසයේ දී ඔබත් එකතුවන්න.
මෙල්බර්න් අසල
මෙල්බර්න්හිදී ඔබට ඕස්ට්‍රේලියාවේ පැරණිතම ගැලරිය වන වික්ටෝරියා ජාතික ගැලරියේදී කලා කෘති 70,000කට වඩා වැඩි ප්‍රමාණයක එකතුවක් දක්නට ලැබේ.ඩොක්ලන්ඩ්ස් හි පොදු චිත්‍ර සහ Fitzroy හි සුප්‍රසිද්ධ වීදි කලාකරුවන්ගේ බිතුසිතුවම් සොයා ගැනීමට ද මෙහිදී හැකියාව ලැබේ.සිනමාහල්වල බ්ලොක්බස්ටර් සංගීත සංදර්ශනයක් සඳහා හෝ නගර මංතීරුවල සමීප කැබරට්, නාට්‍ය හෝ ජෑස් සඳහා ද සහභාගී වීමට මෙහිදී ඔබට හැකිවේ.වික්ටෝරියා ආදිවාසී සංස්කෘතියට කවුළුවක් සපයන මෙල්බර්න් කෞතුකාගාරයට ද මෙහිදී පිවිසිය හැකිවේ. ඉන්පසු රාජකීය උද්භිද උද්‍යාන වන වික්ටෝරියා, මෙල්බර්න් උද්‍යානය හරහා ආදිවාසී උරුම පා ගමනක් මගින් ඔබේ දැනුම පුළුල් කර ගැනීමට හැකිවේ.මෙල්බර්න් තුළ මාර්තු මාසයේ මෙල්බර්න් ජාත්‍යන්තර ප්‍රහසන උළෙල සහ මැයි මාසයේ ජාත්‍යන්තර ජෑස් උළෙල ඇතුළු උත්සව පවත්වයි.
බ්‍රිස්බේන් අසල
දකුණු ඉවුරේ ක්වීන්ස්ලන්ත සංස්කෘතික මධ්‍යස්ථානය ක්වීන්ස්ලන්ත කලාගාරය ඇතුළු බ්‍රිස්බේන්හි ප්‍රධාන සංස්කෘතික ආයතන සමග සම්බන්ධ වෙයි.නූතන කලා ගැලරිය, ක්වීන්ස්ලන්ත කෞතුකාගාරය සහ ක්වීන්ස්ලන්ත රංග කලා මධ්‍යස්ථානය, සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු කලාකරුවන්ගේ නිර්මාණ ගවේෂණය කිරීමට මෙහි දවසක් ගත කළ යුතුය. ප්‍රාන්තයේම ඩයිනොසෝරයෙකු වන Muttaburrasaurusගේ ඇටසැකිල්ලක් බැලීමට සහ මුද්‍රා නාට්‍ය, ඔපෙරා හෝ වාද්‍ය වෘන්දයක් නැරඹීමට සවස් වන තුරුම රැඳී සිටිය යුතුවේ.ඔබට අසල්වැසි ෆෝටිටියුඩ් නිම්නයේ (ද ෆවුන්ඩ්‍රි හෝ සත්වෝද්‍යානය ද නැරඹීමට හැකිවේ.) සජීවී සංගීතය නැරඹීමට නැතහොත් වෙස්ට් එන්ඩ් හි සාරවත් නගරයක ස්වාධීන රඟහලක සංගීතය අත්විඳිය හැකිය.ඓතිහාසික බ්‍රිස්බේන් නගර ශාලාවේ ප්‍රජා ප්‍රසංග නැරඹීමට ද අවස්ථාව තිබේ. සැප්තැම්බර් මාසයේදී Brisbane Writers Festival සහ Brisbane Festival යන දෙකටම ඔබට සහභාගී විය හැකිය.
ඇඩිලේඩ් අසල
ඇඩිලේඩ් හි වඩාත් වැදගත් සංස්කෘතික ආයතනවල නිවහන වන්නේ ගස්වලින් වැසුණු උතුරු ටෙරස් ප්‍රදේශය වේ. දකුණු ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ ඇති ලොව පැරණිතම ජීවන සංස්කෘතියක භාරකරුවන් වන ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනයාගේ ජීවිතය සහ ඉතිහාසය සමරන කෞතුක වස්තු 3,000කට වඩා ඔබට නැරඹීමට තිබේ.ඉන් පසුව දකුණු ඕස්ට්‍රේලියාවේ කලාගාරය තුලින් ඕස්ට්‍රේලියානු යටත් විජිත කලාවේ ආකර්ෂණීය එකතුවක් නැරඹීමට ඔබට හැකිවේ.උතුරු ටෙරස් ඔස්සේ තවදුරටත්, රාජ්‍ය පුස්තකාලය, පාර්ලිමේන්තු මන්දිරය සහ රජයේ මන්දිරය වෙත ගමන් කරමින් එහිදී ඔබට තවත් දේ නැරඹිය හැකිය.මාර්තු කාලය තුළ ඔබ සංචාරයන් සදහා යොදාගන්නේ නම්, ඇඩිලේඩ් උත්සවය, ෆ්රින්ජ් ෆෙස්ටිවල්, WOMADelaide සහ Clipsal 500 ඇඩිලේඩ් හි ප්‍රමුඛතම උත්සව හතරක් නැරඹීමට ඔබට හැකිවේ.
පර්ත් අසල
නෝර්ත්බ්රිජ් හි පිහිටි පර්ත් සංස්කෘතික මධ්‍යස්ථානය පර්ත්හි සංස්කෘතික මූලස්ථානය නැතහොත් සංස්කෘතික හදවත ලෙස හදුන්වයි.බටහිර ඕස්ට්‍රේලියාවේ කලාගාරයේ ආදිවාසී චිත්‍ර සහ පර්ත් කලා ආයතනයේ දෘශ්‍ය සහ රංග කලාව නැරඹීමට හැකිවේ.ඊට මදක් ඔබ්බෙන් ඔස්ට්‍රේලියාවේ ඉතිරිව ඇති එකම එඩ්වර්ඩියන් රඟහල වන His Majesty’s Theatre හි බටහිර ඕස්ට්‍රේලියානු බැලට් සහ බටහිර ඕස්ට්‍රේලියානු ඔපෙරා ප්‍රසංග ද නැරඹීමට ඔබට හැකිවේ. එසේත් නැතිනම් පර්ත් ප්‍රසංග ශාලාවේ විශිෂ්ට ධ්වනි හරහා ගායකයින් සහ සංධ්වනි වාදනයට සවන් දීමට ද ඔබට අවස්ථාව ලැබේ.බටහිර ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ ආදිවාසී කලාකරුවන් කිහිප දෙනෙකු හමු වී කිංග්ස් පාර්ක්හි ආදිවාසී කලාගාරයේදී ඔවුන් පිළිබද ඉගෙන ගැනීමට ද හැකියාව ලැබේ.Fremantle හි, බටහිර ඕස්ට්‍රේලියානු සමුද්‍ර කෞතුකාගාරය නරඹා, Fremantle බන්ධනාගාරය නැරඹීමට ද ඉන්පසු Fremantle Arts Center හි නොමිලේ ප්‍රසංගයක් නැරඹීමට ද හැකියාව ලැබේ. පෙබරවාරි සහ මාර්තු මාසවලදී පර්ත් උළෙල නාට්‍ය, සංගීතය, නැටුම් සහ දෘශ්‍ය කලා පිළිබඳ වැඩසටහන් රාශියක් පැවැත්වේ.
හොබාර්ට් අසල
Sullivans Cove ජලාශ්‍රිතව පිහිටි උරුම ගොඩනැගිලි තුළ පිහිටා ඇති Tasmanian Museum and Art Gallery (TMAG) හි යටත්විජිත කලාවන් මෙන්ම සත්ත්ව විද්‍යාත්මක හා උද්භිද විද්‍යාත්මක නිර්මාණ නැරඹිය හැකිවේ. ඉන්පසු Tasmanian චිත්‍ර එකතුකරන්නෙකු වන ඩේවිඩ් වෝල්ෂ්ගේ මතභේදාත්මක පෞද්ගලික එකතුව ඇති ප්‍රශංසනීය පැරණි සහ නව කලා කෞතුකාගාරය වෙතට ඔබට ගමන් කල හැකිවේ. සති අන්තයේ මහජනතාවට විවෘතව පවතින ලෙනා නිම්නයේ 1842 ඉදිකළ Lady Franklin Gallery හි ද ප්රමුඛ පෙළේ Tasmanian කලාකරුවන් දැක ගත හැකිය. සවස් වරුවේ, ෆෙඩරේෂන් ප්‍රසංග ශාලාවේ Tasmanian Symphony Orchestra වාදනය නැරඹීමට හෝ ඕස්ට්‍රේලියාවේ පැරණිතම ශාලාවක් වන Theatre Royal හි ජාත්‍යන්තර මුද්‍රා නාට්‍ය, ඔපෙරා, නාට්‍ය සහ සංගීත සංදර්ශන නැරඹීමට හැකිවේ.ජුනි මාසයේ Dark Mofo, ජනවාරි මාසයේ Mona Foma සංගීත උළෙල සහ නව වසර පුරා පවත්වන ලද Tasmania හි සතිය පුරා පවත්වනු ලබන චිත්‍ර, චිත්‍රපට සහ සංගීතය සඳහා හොබාර්ට් වෙත ඇදී එති.
කැන්බරා අසල
කැන්බරාහිදී, ඔබට පැරණි පාර්ලිමේන්තු මන්දිරයේ, ඕස්ට්‍රේලියානු ප්රජාතන්ත්රවාදයේ, ඕස්ට්‍රේලියාවේ දේශපාලන ක්රමයේ උපත ගැන ඉගෙන ගත හැකිවේ. ඉන්පසු නූතන පාර්ලිමේන්තු මන්දිරයේ දේශපාලඥයින් අද දින ගැටලු විවාද කරන ආකාරය ද පාර්ලිමේන්තු මන්දිරය තුළ දී නැරඹිය හැකි වේ.ඕස්ට්‍රේලියාවේ ජාතික ගැලරියේ (NGA) රටේ හොඳම ඕස්ට්‍රේලියානු චිත්‍ර එකතුව සහ ජාතික පෝට්රේට් ගැලරියේ සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ස්වභාවය නැරඹීමට නැතහොත් ANCA ගැලරියේදී කලාකරුවන් 40කට අධික සංඛ්‍යාවක් සඳහා සහය දක්වන අරමුණින් සාදන ලද චිත්රාගාර 35කට පිවිසීමට මෙහි දී හැකියාව ලැබේ.ඔස්ට්‍රේලියාවේ ජාතික කෞතුකාගාරය හරහා මඟ පෙන්වන චාරිකාවකදී ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අගනා ස්ථාන නැරඹීමට හැකිවේ.නැතහොත් කැන්බරා කෞතුකාගාරයේ සහ ගැලරියේදී කැන්බරා හි ඉතිහාසය සොයා යාමට ද ඔබට අවස්ථාව ලැබේ. Civic හි කැන්බරා රඟහල මධ්‍යස්ථානයේ මුද්‍රා නාට්‍ය, රඟහල, නැටුම් හෝ සංගීත ප්‍රසංග නැරඹීමට ද අවස්ථාව ලැබේ. The Street Theatre හි දේශීය නිෂ්පාදනයක් බැලීමට හැකිවේ.මැයි මාසයේ දී සමීප ප්‍රසංග 20කට වඩා අත්විඳීමට කැන්බරා ජාත්‍යන්තර සංගීත උළෙල නරඹන්න.
ඩාවින් අසල
ඩාවින් ප්‍රදේශයේ ආදිවාසී උරුමය ගවේෂණය කර, මිචෙල් වීදියේ ගැලරිවල සම්ප්‍රදායික සහ සමකාලීන ආදිවාසී කලා කෘති නැරඹීමට හැකිවේ.ඩාවින් හමුදා කෞතුකාගාරයේ දී ඩාවින් වෙත දෙවන ලෝක සංග්‍රාමයේ ගුවන් ප්‍රහාරවල දර්ශන නැරඹීමට සහ ඔබ වාස්තු විද්‍යාත්මක ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන්නේ නම්, මයිලි පොයින්ට් හෙරිටේජ් පරිශ්‍රයේ වර්ෂ 1930 පමණ පැරණි කුටි වෙත ගමන් කරන්න.ඩාවින්හි බොහෝ ක්‍රියාවන් එළිමහනේ සිදු වේ. අප්‍රේල් සහ නොවැම්බර් අතර Deckchair සිනමා ශාලාවේ තරුවලට යටින් කලාත්මක චිත්‍රපට නරඹන්නට ද මෙහිදී ඔබට හැකියාව තිබේ. මැයි යනු උතුරු ප්‍රදේශයේ විශාලතම සංගීත උළෙල වන බාස් ඉන් ද ග්‍රාස් හි ප්‍රබල සංගීත කණ්ඩායම්වල ගීත ඇසෙන මාසයයි. නගරය පුරා විවිධ ස්ථානවල වේදිකාගත කරන ලද සංගීතය, නැටුම්, රංග, හාස්‍ය, කැබරට්, චිත්‍රපට සහ දෘශ්‍ය කලාවේ දින 18 ක සැමරුමක් වන අගෝස්තු මාසයේ ඩාවින් උත්සවය අතපසු නොකරන්න. ජූලි මාසයේදී, ඩාර්වින් ෆ්රින්ජ් උත්සවය ස්වාධීන කලාකරුවන්ට සහය වන දින 10 ක කාලයක් පුරා පැවැත්වෙන උත්සවයක් වේ.
කියවන්න, බලන්න, විඳින්න