ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක කමින්ස්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

  • Home
  • /
  • Sports
  • /
  • ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක කමින්ස්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ඉදිරියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බවට වාර්තා වේ.

 

ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙනි.

 

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බවට වාර්තා වේ.

 

වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

 

මෙම තරගාවලිය ICC ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත් වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025