නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ හත්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.
කමිඳු මෙන්ඩිස් පසුගිය ටෙස්ට් තරග සංචාරයන්වලදී දැක්වූ දක්ෂතා නිසා ශ්‍රේණිගත කිරීම් හි 09 වෙනි ස්ථානයේ සිට ඉදිරියට පැමිණ ඇති බව සඳහන් වේ.
ශ්‍රේණිගත කිරීම් හි තවමත් පෙරමුණේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් වන අතර දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ හැරී බෘක්ට සහ තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමිව තිබේ.