ක්‍රිකට් ඉතිහාසයේ දරුණු පරාජයකට මුහුණදුන් ඉන්දියාව

  • Home
  • /
  • Sports
  • /
  • ක්‍රිකට් ඉතිහාසයේ දරුණු පරාජයකට මුහුණදුන් ඉන්දියාව

සංචාරක නවසීලන්ත කණ්ඩායම හමුවේ තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 25ක පරාජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (03) සිදුවිය.

 

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 235ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 263ක් රැස් කළේය.

 

ලකුණු 28ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්තයට එවර රැස්කිරීමට හැකිවූයේ ලකුණු 174ක් පමණක් වූ අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක පහසු ඉලක්කයක් හිමිවිය. 

 

ඒ වෙනුවෙන් ඔවුන්ට දෙදිනක්ද ඉතිරිව තිබූ නමුත් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 121කට සීමා කිරීමට නවසීලන්තයට හැකිවිය.  

 

ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලිය තරග 3-0ක් ලෙසින් ලෙසින් ජයගැනීමට නවසීලන්තයට හැකිවිය.ඉන්දීය කණ්ඩායමක් සිය රටේදී තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් පරාජය වූ පළමු අවස්තාව මෙය විය.ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට ලක්කළ පළමු රට වීමේ ගෞරවය නවසීලන්තයට හිමිවිය.

 

එමෙන්ම මෙය නවසීලන්තය සිය රටේදී හෝ ඉන් පිටතදී තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාවද විය.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025