කුඩා නමුත් බලවත් අගනුවර වන කැන්බරා යනු එහි ප්‍රමාණයෙන් කුඩා වුවත් එහි සතු දේවලින් බොහෝ සුවිශාල නගරයකි. සුප්‍රසිද්ධ කෞතුකාගාර සහ ඓතිහාසික ස්ථාන, කාර්යබහුල brewpubs, සැඟවුණු මැණික්, නිහඬ ස්වභාවය සහ පවුල් හිතකාමී ආකර්ෂණීය ස්ථාන ඔබට මෙහිදී සොයාගැනීමට හැකිවේ.දර්ශනීය සිසිල් දේශගුණයක් යටතේ රසවත් වයින් කලාපයකට ඇතුළුවීමට අවශ්‍යනම් නගරයෙන් මදක් පිටතට යන්න.
Spend the day on Lake Burley Griffin
වෙරළ වටේ ඇවිදින්න හෝ බයිසිකලයක් හෝ කයාක් එකක ඇවිදින්න.බෝට්ටුවක හෝ පැඩල් පුවරුවක නැගී වැව නිරීක්ෂණයට යෑමට ඔබට හැකිවේ. නැතහොත් ලේක්සයිඩ් කැෆේ එකක සිට වැවේ දර්ශනය නැරඹීමට ද හැකිවේ.මෙහිදී කිරීමට බොහෝ ක්‍රියාකාරකම් ඇත.
Get back to nature at Tidbinbilla
පැයකට අඩු කාලයකදී ඔබට Tidbinbilla Nature Reserve හි සශ්‍රීක හිම ගම්, වනාන්තර සහ විහිදුණු නිම්න මෙහිදී දක්නට ලැබේ.වනජීවී සහ ත්‍රාසජනක අත්දැකීම් රැසකට නිවහනක් වන මෙම ස්වභාවික තෝතැන්න මත සිට අත්විඳිමින් රාත්‍රී කිහිපයක් ගත කිරීමට හැකි වේ.
Explore galleries and museums
ආදිවාසී කලා කෘති ගවේෂණය කිරීමට, ජාත්‍යන්තර ප්‍රදර්ශන බැලීමට, මූර්තිවලින් පිරුණු උද්‍යානයක් හරහා ඇවිදීමට සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ බැලීමට කැන්බරා කෞතුකාගාරවලදී සහ ගැලරිවලදී ඔබට අවස්ථාව හිමි වේ.
Skipper a picnic boat
ඉතාමත් සන්සුන් පරිසරයක,නිහඩ සන්ධ්‍යාවක් ගත කිරීම සදහා ඔබටම electric GoBoat එකක ආසනයක් වෙන් කරවාගෙන සන්ධ්‍යා කාලය ඔබට සතුටින් ගත කිරීමට මෙහිදී හැකි වේ.මෙම අත්දැකීම ඔබට ඉතාමත් හොද අත්දැකීමක් වනු නොඅනුමානය.
Take a tour at Parliament House
කැන්බරාහි දී මගනොහැර නැරඹිය යුතු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව පෙන්වා දිය හැකිය.නව වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් යුත් මෙම ගොඩනැගිල්ල තුළ ඊට අමතරව ප්‍රදර්ශන සහ ගැලරි ද පාර්ලිමේන්තු සැසිවාරයක කුඩා කොටසක් ද මෙහි දී ඔබට නැරඹිය හැකි වේ.
කියවන්න, බලන්න, විඳින්න