කෘත්‍රිම බුද්ධියෙන් මහමැතිවරණයට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර සැලසුමක්

  • Home
  • /
  • News
  • /
  • කෘත්‍රිම බුද්ධියෙන් මහමැතිවරණයට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර සැලසුමක්

කෘත්‍රිම බුද්ධියෙන් මහමැතිවරණයට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර සැලසුමක් ඇති බව වාර්තා වේ. 

 කැනඩාවේ පැවැත්විමට නියමිත මීළඟ මහමැතිවරණයට බලපෑම් කිරීමට සහ ඡන්දදායකයන් නොමඟ හැරීමට චීනය, රුසියාව සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට ඉඩ ඇතැයි කැනේඩියානු සයිබර් බුද්ධි ඒකකය අනතුරු අගවා තිබෙන  බව වාර්තා වේ. පිටු 28කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කරමින් කැනඩාවේ සයිබර් බුද්ධි ඒකකය රජයට දැනුම් දී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එම රටවල් කැනඩාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහ ඡන්ද භාවිතයට බලපෑම් එල්ල කිරීමට වැඩි ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම කෘත්‍රිම බුද්ධි මෙහෙයුම සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන ලෙස සයිබර් බුද්ධි ඒකකය කැනඩාවේ සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද සඳහන් වේ.

පසුගියදා කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයට නව නායකත්වයට සහ කැනඩාවේ අගමැති ධුරයට පත්වූ Mark Carneyට මහමැතිවරණය ලබන ඔක්තෝබර් මස 20 වැනිදාට පෙර ඕනෑම දිනයක පැවැත්වීමට බලය ඇති බවත්, ඔහු ඉතා කෙටි කාලයකදී මහමැතිවරණය කැඳවීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025