කොට්සිට තරඟ කිහිපයක් අහිමි වෙයි

  • Home
  • /
  • Sports
  • /
  • කොට්සිට තරඟ කිහිපයක් අහිමි වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නෙකු වන ජෙරල්ඩ් කොට්සි හට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන්හිදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දී පන්දු යවමින් සිටියදී කොට්සිගේ උකුළ ආසන්නයේ ආබාධයකට ලක්විය.

 

ඒ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවේ දී අනාවරණය වී ඇත්තේ, ඔහු සති 6ක පමණ කාලයක් විවේක ගතයුතු බවයි.

 

ඒ අනුව මේ මස 5 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් තරගය මෙන්ම ඉදිරියේදී පාකිස්තානය සමගින් සිය රටේදී පැවැත්වෙන තරගාවලියද කොට්සිට අහිමි වේ.

 

මෙනිසා කොට්සිගෙන් පුරප්පාඩුවට යොවුන් වේග පන්දු යවන්නෙකු වන ක්වේනා මෆාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත.

 

මෆාකා යනු 18 හැවිරිදි යෞවනයෙකුවන අතර තවමත් ජාත්‍යන්තර විස්සයි20 තරග 3ක් පමණක් ක්‍රීඩාකර ඇති  වේ.

 

එමෙන්ම IPL තරගාවලියේදී මෆාකා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීම ද සිදුකර ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025