ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමීන් යළි රැගෙන ඒම සඳහා පිටත්ව ගිය ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සූලය ඊයේ (16) සාර්ථකව එම මධ්‍යස්ථානයට ළගා වී තිබේ.
මාස 9කට අධික කාලයක සිට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටු වී සිටින්නේ Suni Williams සහ Butch Wilmore නම් එම ගගනගාමීන් දෙදෙනාව යළි පෘථිවියට රැගෙන ඒම සඳහා මෙම ඩ්‍රැගන් කැප්සූලය පෙරේදා (15) අභ්‍යාවකාශගත කෙරුණි.
ඒ අනුව ඔවුන් දෙදෙනා යළි රැගෙන ඒම සඳහා නාසා ගගනගාමී වන Anne McClain සහ Nicole Ayers, ජපාන ගගනගාමී Takuya Onishi සහ රුසියානු අජඨාකාශගාමී Kirill Peshkov මෙලෙස ඩ්‍රැගන් කැප්සූලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ළඟා වී ඇත.
දින 8ක කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය සූනි සහ බුච්ට එහි මාස 9ක් රැඳී සිටීමට සිදුවුණේ ඔවුන් ගමන්කළ බෝයිං ස්ටාර්ලයිනර් යානයේ හටගත් දෝෂයක් හේතුවෙන්ය.
ඔවුන් නැවත පෘථිවියට රැගෙන ඒමට අවස්ථා කිහිපයකදී සැලසුම් කළත් ඒ සියල්ල අසාර්ථක විය.