ගෙවුණු වසර ඕස්ට්‍රේලියාවේ දෙවන උණුසුම්ම වසර සහ ලෝකයේ උණුසුම්ම වසර බවට පත්වේ. කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, පසුගිය වසර ලෝකයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම සහ ඕස්ට්‍රේලියාවේ දෙවන වාර්තාගත උණුසුම්ම වසර විය.
BoM හි වාර්ෂික දේශගුණික වාර්තාවෙන් හෙළි වූයේ 2024 දී රට පුරා උෂ්ණත්වය සාමාන්‍යය අගයට වඩා අංශක 1.46 ක් උණුසුම් වී ඇති බවත්, 2019 සිටම මෙය සිදුවන බවත් ය. ”වසන්තය වාර්තාගත උණුසුම්ම විය, වාර්තාගත ලෙස ශීත කාලය දෙවන උණුසුම්ම කාලය බවට පත්විය, සහ 2023-24 ගිම්හානය වාර්තාගත ලෙස තුන්වන වරටත් උණුසුම්ම විය,” දේශගුණ විද්‍යා විශේෂඥ නාඩින් ඩි. ආර්ජන්ට් පවසා තිබේ.මේ සමඟම, 1900 දී වර්ෂාපතන වාර්තා ආරම්භ වූ දා සිට ඕස්ට්‍රේලියාවේ අටවන වැසි සහිත වසර ද මෙය වූ අතර, රට පුරා සාමාන්‍යයට වඩා 28% ක වර්ෂාපතනයක් ලැබී තිබේ.කෙසේ වෙතත්, මෙය බොහෝ දුරට වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ උතුරේ වන අතර, වික්ටෝරියා, ටස්මේනියාව සහ දකුණු ඕස්ට්‍රේලියාව යන සියල්ලන්ටම සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබී ඇත. වික්ටෝරියා 20% කින්, ක්වීන්ස්ලන්තය 23% ක්, NSW/ACT 4% ක්, බටහිර ඕස්ට්‍රේලියාව 35% සහ උතුරු ප්‍රදේශය 65%යන සියල්ලටම සාමාන්‍යය අගයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවට වාර්තා වේ.
2011 සිටම වැඩිම වර්ෂාපතනයක් සහිත වසර මෙය වූ අතර, සමස්ත වර්ෂාපතනය සාමාන්‍යයට වඩා සියයට 28 ක් වූ බව ඩි.ආර්ජන්ට් පවසා තිබේ.මීට පෙර නිවර්තන සුළි කුණාටු වසර මුලදී ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ගෙන ආ අතර එහිදී විශාල ගංවතුරක් ඇති විය ද ඇතිවුණි.