ගෝලීයව සිදුවන භූ කම්පන ගැන ශ්‍රී ලංකා භූ විද්‍යා අංශයේ අවධානය

  • Home
  • /
  • News
  • /
  • ගෝලීයව සිදුවන භූ කම්පන ගැන ශ්‍රී ලංකා භූ විද්‍යා අංශයේ අවධානය

මෑතකදී සිදු වූ භූ කම්පන වලින් ශ්‍රී ලංකාවට  ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බව එරට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත ශ්‍රී ලංකාවට  සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බව එම කාර්යාංශය සදහන් කලේය.

එම කාර්යංශය වැඩි දුරටත් පවසා ඇත්තේ  ගෝලීයව සිදුවන භූ කම්පන තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණයෙන් ද සිටින බවය.

යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ භූ කම්පනයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පියවර ගෙන ඇති බවද එම කාර්යංශය පවසා ඇතැයි වාර්තා වේ. 

මේ අතර පසුගියදා මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් සිදුවූ අතර ඉන් එරටට දැඩි බලපෑම් එල්ල විය.

මේ වන විට භූ කම්පනයෙන් එරට සිදුවූ මරණ ගණන 2,000ද ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ජපානයටද භූ කම්පන අවදානමක් පවතින බව එරට රජය වාර්තා කර දැනුම් දී තිබේ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9ත් අතර අගයක් ගත හැකි බවද  එරට රජය දැනුම් දී ඇතැයිද ඉන් පුද්ගලයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මිය යා හැකි බවද පුරෝකථනය කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025