චමරිගේ නායකත්වයෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • චමරිගේ නායකත්වයෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලානය උදෙසා ඊයේ දින (28) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් තරගයේ දී ප්‍රබල ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු ශූරියන් බවට පත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් විය.පන්දුවට පහරදීමේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබාගැනීමට හැකිවිය.

මෙම තරගයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කල චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතක 2ක් වාර්තා කිරීමට සමත්විය.චමරි අතපත්තු විසින් වාර්තා කිරීමට සමත් වූ  ඇයගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 2 ක් හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 61 ක් හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් පිළිබදව එතරම් සැලකිල්ලක් නොදක්වන අවස්ථාවක කාන්තා ක්‍රිකට් කණ්ඩායම රටට අත්කර දුන් කීර්තිය පිළිබදව අගය කළයුතු වන්නේය.ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ කඩා වැටී යන දුර්වල කණ්ඩායමක් වශයෙනි.ශ්‍රී ලංකාවේම ක්‍රිකට් ලෝලීන් පවා දැඩි කනස්සල්ලට පත් වී සිටින මොහොතක චමරි අතපත්තුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට දිනා දුන් ආසියානු කුසලානය ක්‍රිකට් ලෝලීන්ගේ මහත් පැසසුමකට ලක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායමට තරම් දීමනා,වරප්‍රසාද නොලැබෙන නමුත් තමන්ගේ කැපකිරීම්,උනන්දුව,දක්ෂතාවය මත පැමිණි මේ ජයග්‍රාහී ගමන ඉතාමත් අගනේය.

ශ්‍රී ලංකාව වැනි ගතානුගතික අදහස්,මතවාද දරන සමාජයක දීමනා,වරප්‍රසාද නොමැතිව චමරි ඇතුළු ගැහැණු ළමයින් පිරිස ඉන්දියාව වැනි ක්‍රිකට් ලෝකයේ ප්‍රබල රටක් සමග කරට කර සටන් කර ගෙනා මේ ආසියානු කුසලානය නිසාවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අදාළ බලධාරීන්ගේ අවධානය ලැබේයැයි ජනතාව බලාපොරොත්තු වේ.

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

Emirates-retail
December 12, 2024