චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වීමේ තීරණයක්

  • Home
  • /
  • News
  • /
  • චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වීමේ තීරණයක්

ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ. 

චමරි අතපත්තු මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් එම කණ්ඩායම සමඟ එක්වීමට බව සඳහන් ය. 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට  නියමිත අතර,  මේ වන විට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිතය.

ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන අතර පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වීමට නියමිත බව සඳහන් ය.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර  විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14,16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වීමට නියාමිතය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025