චීන ජාතික මහජන කොංග්‍රසයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කරයි.

  • Home
  • /
  • News
  • /
  • චීන ජාතික මහජන කොංග්‍රසයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කරයි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීම ඊයේ (11) පස්වරුවේ 3ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං ඇතුළු පක්ෂ නායකයෝ හා රාජ්‍ය නායකයෝ ඊට එක් වූහ.

එම සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කෙරිණ.

එහිදී චීන රාජ්‍ය කාරක වාර්තාව , චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව, චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සාධන වාර්තාව, චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය සාධන වාර්තාව පිළිබඳ තීරණ කෙටුම්පත් ඡන්ද විමසීමෙන් සම්මත කෙරිණ.

ඒ අතර , 2024 වසරේ චීන මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය රජයන් ක්‍රියාවට නංවන අයවැය සහ 2025 වසරේ මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය රජයන්හි අයවැය පිළිබඳ තීරණ කෙටුම්පත , 2024 වසරේ චීන ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සහ 2025 වසරේ චීන ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් පිළිබඳ තීරණ කෙටුම්පත එහිදී සම්මත කරනු ලැබිණ.

එසේ ම චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ සහ ප්‍රාදේශීය මහජන කොංග්‍රසයන්හි මහජන නියෝජිතයන් පිළිබඳ නීති සංශෝධන කෙටුම්පත ද එම රැස්වී‍මේදී සම්මත කෙරිණ. 

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025