ජපානයට රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් ඇතිවේ.භූ කම්පනයත් සමග ජපානයේ ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන තිබේ.භූමි කම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ.ජපානයේ දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට පමණ මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති අතර ඒ අනුව මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.