ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උළලේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උළලේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

තායිවානයේ, තායිපේහිදී පැවති 29 වන ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උළලේදී තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

එම තරගාවලිය සඳහා රටවල් 13ක නියෝජිතයින් සහභාගී වුණ බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුණු IIT පුද්ගලික විශ්ව විද්‍යාලයේ කවිඳු තොටගමුව , බ්‍රයන් හෙන්ඩ්‍රිකස්, මොවිදු තුල්මිත්,ලසේන් විජේකෝන්,ඉමාන් චන්ද්‍රසිරි යන සිසුන් තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.

එහිදී ඔවුන් විසින් ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න හා ආදායම වැඩි කර ගත හැකි විසඳුමක් ලෙස, AI තාක්ෂණය භාවිතයෙන් “SEA LANKA”යනුවෙන් app එකක්ද නිර්මාණය කර තිබේ.

මෙම සිසුන් කණ්ඩායම AK 45 දරණ ගුවන්යානයෙන් ඊයේ (05) වන දින පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබුණි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025