ට්‍රම්ප්ගෙන් චීනයට තර්ජනයක්

  • Home
  • /
  • News
  • /
  • ට්‍රම්ප්ගෙන් චීනයට තර්ජනයක්

චීනය විසින් ප්‍රති බදු පැනවීම ඉවත් කර නොගන්නේ නම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක අතිරේක බදු පනවන බව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ බදු හේතුවෙන් ඊයේ ගෝලීය වෙළෙඳපොළවල් තුන්වන දිනටත් කඩා වැටුණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ, තීරුබදු විරාමයක් පිළිබඳ සලකා නොබලන බවයි. අද වන විට චීනය සිය ප්‍රති-තීරුබදු සැලසුම් ඉල්ලා අස්කර නොගන්නේ නම්, චීන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනවීමේ තර්ජනය ට්‍රම්ප් නැවත අවධාරණය කළේය.

මෙසේ බදු පැනවුවහොත්, චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන එක්සත් ජනපද සමාගම්වලට සියයට 104 ක බද්දකට මුහුණ දීමට සිදුවනු ඇති. ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සටහනක ට්‍රම්ප් මේ බව කියා සිටියේය.

එක්සත් ජනපදය සහ චීනය අතර උත්සන්න වන ආතතිය ගෝලීය වෙළෙඳ යුද්ධයක් පිළිබඳ බිය වැඩි කර ඇති බව විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

ට්‍රම්ප් සෑම ආර්ථිකයකින්ම පාහේ ආනයන සඳහා නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලොව පුරා වෙළෙඳපොළවල් පහත වැටී තිබේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025