ඇමරිකාව විසින් නව වීසා ක්‍රමයක් හදුන්වා දී ඇති අතර ඒ හරහා විදේශීය ආයෝජකයන් සහ ධනවත් සංක්‍රමණිකයන් ඉලක්ක කරමින් ඇමෙරිකාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා ඩොලර් මිලියන 5ක මුදලකට Gold Card නමින් වීසා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව සඳහන් ය. එරට පුරවැසිභාවය ලබාගැනීමේ පහසුම මාර්ගය ලෙස එම වීසා වැඩසටහන EB-5 ලෙස හඳුන්වා දී ඇති අතර, දැනට පවතින Green Card වීසා වැඩසටහන වෙනුවට එය ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව සඳහන් ය. නව වීසා වැඩසටහන මඟින් විදේශීය ආයෝජකයන්ට විශාල මුදලක් වැය කර එරට ස්ථීර නේවාසිකයන් බවට පත්විය හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම නව වීසා ක්‍රමය හරහා ග්‍රීන් කාඩ් වීසා වැඩසටහනින් ලැබෙන වරප්‍රසාදවලට වඩා වැඩි අවස්ථාවන් ලබාගත හැකි බවත්, ඉදිරි සති දෙක ඇතුළත නව වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.