ඇමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබේ.
ආනයනික මෝටර් රථ සහ අමතර කොටස් සඳහා 25%ක තීරු බදු ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ බදු අය කිරීම් සිදුකරනු ඇති අතර මෙම බදු පැනවීම තුළින් ඇමෙරිකාව තුළ රැකියා සහ ආයෝජන දිරිමත් කෙරෙන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි වාර්තා වේ.