ටිබෙටයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 53ක් ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • ටිබෙටයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 53ක් ජීවිතක්ෂයට

චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් පුද්ගලයින් 53 දෙනෙක් මියගොස් තිබේ.එරට වේලාවෙන් අද (07) උදෑසන 9.05ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පැවති බව වාර්තා වේ.එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා දැනී තිබුණි.ඉන්දියාවේ නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් යන ප්‍රදේශවලට භූ කම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.ඉන් පසුව ද ටිබෙටය ආශ්‍රිතව පසුකම්පන රැසක් ද වාර්තා වී තිබේ.ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025